කටුනායක ගුවන් තොටුපොළට අද (05) උදෑසන පැමිණි ගුවන් මගී කාන්තාවක් ගුවන් තොටුපොළ තුළ දී දරු ප්‍රසූතියක් සිදුකර තිබෙනවා.
අදාළ ගැබිණි කාන්තාව ඩුබායි සිට අද (05) උදෑසන මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.
29 හැවිරිදි ටැන්සානියානු ජාතික කාන්තාවක් මෙලෙස කටුනායක ගුවන් තොටුපොළේ දී දරුවෙකු ප්‍රසූත කර ඇති අතර, ඇය ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී. – 822 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට මෙරටට පැමිණ තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි මෙම ගුවන් මගී කාන්තාව යළිත් මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ රැදී සිට තිබෙනවා.
එහිදී ඇයට දරු ප්‍රසූතිය සදහා පූර්ව ලක්ෂණ සහිත ප්‍රසව වේදනා ඇති වීමත් සමඟ ඇයව වහාම කටුනායක ගුවන් තොටුපොළ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.
එහිදී ඇය වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ සහාය මත පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා.
පසුව එම මව සහ බිළිඳා වැඩිදුර ප්‍රතිකාර සදහා මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර තිබුණේ.














ඉක්මන් සුවය ලබා තම රටට යන්න ලැබේවා කියල අපි පතමු.
Budusaranai
Budhu Saranai
The prompt and timely actions taken by Airport staff must be highly appreciated