කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ අද (04) උදෑසන සිට යළි රථ වාහන ගමනාගමනය සීමා කර ඇති බවට වාර්තා වනවා.
වෙළෙඳසැලක් සහ නිවසක් මතට පස් කන්දක් පෙරළී යාමත් සමඟ වසා දමා තිබූ මෙම මාර්ගය පසුගිය 26 වැනිදා යළි විවෘත කෙරුණා.
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එම ස්ථානයේ පරීක්ෂා කිරීමක් සිදුකරන බැවින් අත්‍යවශ්‍ය සේවා සහ ආපදා සහන සේවා රථ සඳහා පමණක් එම ස්ථානයෙන් ගමන් කිරීමට අවසර ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
3
+1
2
+1
17
+1
1
+1
1





