Update – ආපදා මරණ ගණන 400 ඉක්මවයි 336 දෙනෙක් තවමත් අතුරුදන්

දිවයිනටම බලපා තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

තවත් පුද්ගලයින් 336 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

මීට අමතරව පවුල් 407,594කට අයත් පුද්ගලයින් 1,466,615ක් පීඩාවට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ අතර අතුරුදන්වූවන්ගේ සිරුරු සොයා මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක වනවා.

වැඩිම ජීවිත හානි සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 88 ක්.

එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 150 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ මරණ 83ක් සහ අතුරුදන්වීම් 28ක් වාර්තා වනවා.

එමෙන්ම නිවාස 20,271ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, නිවාස 64,483ක් අර්ධ වශයෙන් හානියට පත්ව තිබෙනවා.

සහන සේවා ක්‍රියාත්මක වෙමින් පවතින අතර, පුද්ගලයින් 233,015 දෙනෙකු දැනට ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටිනවා.

මේ අතර ගංවතුරත් සමඟ රෝග අවදානම ඉහළ යන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?