‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර රැගත් පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් සීමාව හරහා යාමට අවසර ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින අසීරු තත්ත්වය හමුවේ මානුෂීය ආධාර අත්‍යවශ්‍යම කාරණාවක් හේතුවෙන් මෙලෙස ආධාර රැගත් පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දීය ගුවන් සීමාවට ඇතුළු වී ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබාදී ඇත්තේ.
පාකිස්ථානය ඊයේ (01) දිනයේ ඉන්දීය ගුවන් කලාපයට ඉහළින් පියාසර කිරීමට අවසර ඉල්ලා සිට අත්ගි අතර, ඊට අවශ්‍ය අවසරය ඊයේ දිනයේදීම ලබාදීමට ඉන්දීය රජය කටයුතුකර තිබුණා.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින යුද ආතතීන් මාධ්‍යයේ පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් සීමාව හරහා යාමට තිබූ අවසරය නවතා දමා තිබුණා.
මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ දරුණු නායයෑම් සහ ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින්ට සහන සැලසීමට සහ මුදාගැනීමේ කටයුතු සඳහා ඉන්දියාව සහ පාකිස්ථානය මේ වනවිටත් ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් දියත්කර තිබෙනවා.





