ශ්‍රී ලංකාවට ආධාර රැගෙන එන පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දීය ගුවන් සීමාව ඇරේ

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර රැගත් පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් සීමාව හරහා යාමට අවසර ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින අසීරු තත්ත්වය හමුවේ මානුෂීය ආධාර අත්‍යවශ්‍යම කාරණාවක් හේතුවෙන් මෙලෙස ආධාර රැගත් පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දීය ගුවන් සීමාවට ඇතුළු වී ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබාදී ඇත්තේ.

පාකිස්ථානය ඊයේ (01) දිනයේ ඉන්දීය ගුවන් කලාපයට ඉහළින් පියාසර කිරීමට අවසර ඉල්ලා සිට අත්ගි අතර, ඊට අවශ්‍ය අවසරය ඊයේ දිනයේදීම ලබාදීමට ඉන්දීය රජය කටයුතුකර තිබුණා.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින යුද ආතතීන් මාධ්‍යයේ පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් සීමාව හරහා යාමට තිබූ අවසරය නවතා දමා තිබුණා.

මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ දරුණු නායයෑම් සහ ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින්ට සහන සැලසීමට සහ මුදාගැනීමේ කටයුතු සඳහා ඉන්දියාව සහ පාකිස්ථානය මේ වනවිටත් ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් දියත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22