අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවට පත් කොළඹ ජනතාවට බෙදාදීමට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ අද (01) දින දිවා ආහාරවේල පරිත්‍යාග කර තිබෙනවා.
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වු ගංවතුරින් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට බෙදාදීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් නියමව සිටින පිරිමි හා කාන්තා රැඳවියන්ගේ අද (01) දින දිවා ආහාරය සඳහා යොදා ගන්නා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇති තිබෙනවා.
එම වියළි ආහාර ද්‍රව්‍ය වැලිකඩ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී, රජිව් එස්. සිල්වා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් විසින් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත කුමාර වෙත භාරදීම අද පෙරවරුවේ (01) කොළඹ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී සිදු වුණා.
වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි සහ කාන්තා අංශයේ රැඳවියන් 3874 දෙනෙක් විසින් බන්ධනාගාර පාලනාධිකාරියෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඔවුන්ගේ දිවා ආහාරය පීඩාවට පත් ජනතාවට මෙලෙස පරිත්‍යාග කිරීම සිදු කරනු ලැබුවා.
බන්ධන්ගාරය විසින් මෙලෙස නාඩු සහල් 750 kg ක්, පොල් ක්‍රිම් පැකට් 50 ක්, කඩල 100 kg ක්, කව්පි 100 kg ක්, මුං ඇට 10 kg ක්, සෝයා මීට් 60 kg ක්, සීනී 100 kg ක්, තේ කොළ 10 kg ක්, මිරිස් කුඩු 10 kg ක්, දිය ලුනු 30 kg ක් සහ මයිසුර් පරිප්පු 100 kg ක් පරිත්‍යාග කර ඇති බවට වාර්තා වනවා
කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රිවරුන්, බන්ධනාගාර නිලධාරීන් සහ වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් නියමව සිටින පිරිමි හා කාන්තා රැඳවියන් මෙම අවස්ථාවට එක්ව සිටියා.





