විපතට පත් වූවන්ට දිවා ආහාරය පරිත්‍යාග කළ වැලිකඩ රැඳවියන්

අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවට පත් කොළඹ ජනතාවට බෙදාදීමට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ අද (01) දින දිවා ආහාරවේල පරිත්‍යාග කර තිබෙනවා.

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වු ගංවතුරින් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට බෙදාදීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් නියමව සිටින පිරිමි හා කාන්තා රැඳවියන්ගේ අද (01) දින දිවා ආහාරය සඳහා යොදා‌ ගන්නා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇති තිබෙනවා.

එම වියළි ආහාර ද්‍රව්‍ය වැලිකඩ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී, රජිව් එස්. සිල්වා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් විසින් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත කුමාර වෙත භාරදීම අද පෙරවරුවේ (01) කොළඹ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී සිදු වුණා.

වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි සහ කාන්තා අංශයේ රැඳවියන් 3874 දෙනෙක් විසින් බන්ධනාගාර පාලනාධිකාරියෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඔවුන්ගේ දිවා ආහාරය පීඩාවට පත් ජනතාවට මෙලෙස පරිත්‍යාග කිරීම සිදු කරනු ලැබුවා.

බන්ධන්ගාරය විසින් මෙලෙස නාඩු සහල් 750 kg ක්, පොල් ක්‍රිම් පැකට් 50 ක්, කඩල 100 kg ක්, කව්පි 100 kg ක්, මුං ඇට 10 kg ක්, සෝයා මීට් 60 kg ක්, සීනී 100 kg ක්, තේ කොළ 10 kg ක්, මිරිස් කුඩු 10 kg ක්, දිය ලුනු 30 kg ක් සහ මයිසුර් පරිප්පු 100 kg ක් පරිත්‍යාග කර ඇති බවට වාර්තා වනවා

කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රිවරුන්, බන්ධනාගාර නිලධාරීන් සහ වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් නියමව සිටින පිරිමි හා කාන්තා රැඳවියන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

  1. මේ මිනිස්සුන්ගෙත් රටේ ඉන්න අනෙක් මිනිස්සු වගේම (ඉත්තෑ ජාන) තියෙනවනෙ. ඒ තමා මනුෂ්‍යත්වයේ ජාන (ශ්‍රී ලාංකික ජාන) ඉතින් උන් වැරදි පාරෙ ගිහින් නීතියට අවුල් දේවල් කළත්, උන් ලාංකිකයින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15