ආපදා මෙහෙයුමේ දී අනතුරට පත් හෙලිකොප්ටරය ගැන විමර්ශනයක්

ආපදා මෙහෙයුම්වල නිතරව සිටින අතරතුර, අනතුරට ලක් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානය සම්බන්ධයෙන් ගුවන් හමුදා අභ්‍යන්තර විමර්ශන මණ්ඩලයක් පත්කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ගංවතුර මඟින් පිඩාවට පත්ව සිටි ජනතාව සඳහා ආහාර බෙදා හැරීමේ මෙහෙයුම්වල නිරතව තිබූ අදාළ හෙලිකොප්ටරය ඇති වූ හදිසි තත්වයක් මත ඊයේ (01) පස්වරුවේ ලුණුවිල පාලම අසළ ජලාශයට හදිසි ගොඩබෑමක් සිදු කරනු ලැබුවා.

එහිදී එම හදිසි ගොඩබැස්වීමෙන් අනතුරුව එහි සිටි ගුවන් හමුදා සාමාජිකයින් පස්දෙනෙක් ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර තිබුණා.

කෙසේ වෙතත් එලෙස රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හෙලිකොප්ටර් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ලෙස කටයුතු කළ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය ජීවිතක්ෂයට පත්වුණා.

අනතුරට ලක් වූ අනෙක් නිලධාරීන් සිව්දෙනා මාරවිල රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
11
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48