අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයක් ස්ථාපිත කිරීමට ජනපතිගේ උපදෙස්

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් ‘අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයක්’ ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් ලබා දී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය යන කේන්ද්‍රීය අමාත්‍යාංශ සහ ඒ යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන මණ්ඩලය යන ආයතන මෙන්ම ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන නිලධාරීන් කණ්ඩායමක් එම මධ්‍යස්ථානයේ රාජකාරි කටයුතු සඳහා අනුයුක්ත කිරීමට නියමිත අතර එම ආයතනවල සියලුම විෂයන් සඳහා සම්බන්ධීකරණ හා පහසුකම් සපයන ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස එහි කටයුතු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම උපදෙස් ලබා දුන්නේ ආපදා තත්ත්වය පහව යාමත් සමග ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44