පහළ කඩුගන්නාවේ නායගිය තැන දීර්ඝ කාලීනව ස්ථාවර කිරීමේ සැලසුම් සකස් කිරීම ඇරඹේ

පහළ කඩුගන්නාව ආශ්‍රිතව සිදුවූ නාය යාමේ තත්ත්වය පරීක්ෂා කර එම ස්ථානයට ගත යුතු කඩිනම් පියවර සහ විසඳුම් පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවක් කෑගල්ල දිසාපතිවරයාට, මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරයාට සහ මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දී ඇති බව ජාති‍ක ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක පවසනවා.

අද (25) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු පැවසුවේ අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව කොළඹ – නුවර මාර්ගය යළි විවෘත කිරීමේ හැකියාවක් පවතින බවයි.

කෙසේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම කටයුතු සිදුකරගෙන යාම දුෂ්කර කාර්යක් වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසුවේ.

කඩුගන්නාව ප්‍රදේශයේ මැනුම් කටයුතු සිදුකිරීමට පවතින අපහසුතාව හේතුවෙන් ඩ්‍රෝන තාක්ෂණය සහ ලයිඩා තාක්ෂණය භාවිතකර එම මැනුම් කටයුතු සිදුකළ බවත් ඔහු සඳහන් කළා.

ඒ, අනුව එම ස්ථානය දීර්ඝ කාලීනව ස්ථාවර කිරීම සඳහා වූ සැලසුම් සකස් කිරීම සඳහා පියවර ඊයේ (24) දිනයේදී ආරම්භ කළ බවත් ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක සඳහන් කර සිටියා.

මේ අතර දැනට වසා ඇති කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාවේ ගිලාබැසීමට ලක්වූ කොටස පිළිසකර කිරීම අද (25) දිනයේදීත් සිදු කෙරෙනවා.

දැනට තාවකාලිකව වසාදමා ඇති කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය ගමන ගමනය සඳහා එක් මංතීරුවක් අද (25) දිනයේ හෝ හෙට (26) දිනයේ විවෘත කරන බව අමාත්‍ය බිමල් රත්නායක ඊයේ සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03