ප්‍රධාන ගංගාවල ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් – වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් ඉහළ අගයකින් යුත් හදිසි වර්ෂාවකදී ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කාළගුණික අංශ පුරෝකථනය කරන අන්දමට දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත් හයකට මිලි මීටර් 200ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි.

උතුර, උතුරු මැද, නැගෙනහිර, දකුණ, ඌව සහ බස්නාහිර පළාත්වලට එම අධික වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම තත්ත්වය අනුව හැසිරීම් රටාව සම්බන්ධයෙන් වූ පසුගිය අත්දැකීම් අනුව ප්‍රධාන ගංඟාවන්හි 2025.11.25 සිට 2025.11.30 දක්වා වූ කාලය තුල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

බැවින් ඒ පිලිබදව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම නිවේදනයන් සම්බන්ධයෙන් සියළුම ගංඟාවල පහත් නිම්නයන් හි පදිංචි ජනතාවගෙන් හා එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාවගෙන් ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30