කාසිය වාසිය දසුන්ට – කණ්ඩායමේ වෙනසකම තුනක්

විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරගය වන පාකිස්ථානය සමඟ තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.

ඒ අනුව ඔහු විසින් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගනු ලැබුවා.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිල් මිශාර, ජනිත් ලියනගේ සහ විජයකාන්ත් වියස්කාන්ත්ව කැඳවා තිබෙනවා.

ඒ භානුක රාජපක්ෂ, නුවන් තුෂාර සහ මහීශ් තීක්ෂණ වෙනුවටයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 06.30යට ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?