පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමේ අද (22) උදෑසන සිදු වූ අනතුරින් මියගිය සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වෙළඳසැලේ සුන්බුන් අතර සිරවී සිටි තවත් පිරිමි පුද්ගලයෙකු මුදාගෙන රෝහල් ගතකර ඇති අතර, ඔහු ඒ වන විටත් මියගොස් සිටි බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.
මෙම අනතුරින් මීට පෙර ගල්අමුණ, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙක් මියගියා.
මේ අතර අනතුරින් සුන්බුන් අතර සිරවී සිටි කාන්තාවක් අද පස්වරුවේ මුදාගෙන රෝහල් ගත කෙරුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
+1
32
+1
3
+1
2





