විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දු පාකිස්ථාන ගැටුම ප්‍රේමදාසේ

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඊට අමතරව තරගාවලියේ පාකිස්ථානය සහභාගීවන සියලුම තරග ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතර පාකිස්ථානය අවසන් තරඟයට සුදුසුකම් ලැබුවහොත්, අවසන් මහා තරඟය ද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

එසේ නොමැතිව වෙනත් රටවල් දෙකක් අවසන් තරඟයට සුදුසුකම් ලැබුවහොත්, අවසන් මහා තරඟය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, තරගාවලිය එළඹෙන පෙබරවාරි 07 වන දින ආරම්භ වී මාර්තු 08 වන දින අවසන් වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගණය සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීම සඳහා ICC විධායක කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

තරඟාවලිය සඳහා කණ්ඩායම් විස්සක් සහභාගී වන අතර පැවැත්වෙන සමස්ත තරඟ සංඛ්‍යාව 55ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21