‘රටම – එකට’ ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන අද (20) තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.
පස්වරු 03.30ට පමණ ආරම්භ වූ එම වැඩසටහන සඳහා ආගමික නායකයන්, මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ මහජනතාව විශාල වශයෙන් සහභාගී වුණා.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන්කර සිටියේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සහ විවිද්ජ්හ අපරාධ මෙරට ව්‍යාප්ත වීම සඳහා දේශපාලන අධිකාරියේ මැදිහත්වීමක් පැවති බවත් එවන් කිසිඳු අපරාධකරුවෙක්ට පවතින් ආණ්ඩුව යටතේ දේශපාලන රැකවරණයක් නොලැබෙන බවත් සඳහන් කර සිටියා.
එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා රටේ සියලු දෙනාටම වගකීමක් පවතින බවත් එම වගකීම ඉටු කිරීම අරමුණු කරගනිමින් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කරනු ලැබුවා.
එමෙන්ම රට තුළ නොපෙනෙන හස්තයක් ක්‍රියාත්මක වන බවත් මහජන උද්ඝෝෂණ , පෙළපාලි සඳහා මුදල් යෙදවීමෙන් මෙවැනි වැඩසටහන් අසාර්ථක කිරීමට එම නොපෙනන හස්තය කුමන්ත්‍රණය කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.















