රහසඟ පෙන්වීම නිසා අපහසුතාවයට පත් විදෙස් කතගෙන් සමාජ මාධ්‍යට විශේෂ සටහනක්

ලාංකීය තරුණයෙක් විසින් විදේශීය කාන්තාවකට තම රහසඟ පෙන්වමින් නොහොබිනා යෝජනාවන් සිදුකරන වීඩියෝවක් පිලිබඳ පසුගිය දින කිහිපයෙදි මෙරට මාධ්‍ය තුළ මෙන්ම විදේශීය මාධ්‍ය තුළද අවධානයක් හිමිකර ගෙන තිබුණා.

ඒ අනුව අදාළ විදේශීය කාන්තාවගෙන් ශ්‍රී ලංකා පොලිසිය වෙතට ලැබුණු පැමිණිල්ලක් මත එම සිද්ධියට අදාල සැකකරුව ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

කෙසේ වෙතත් එලෙස ජනමාධ්‍ය තුල මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද විශාල පිරිසකගේ අවධානය හිමි වූ එම වීඩියෝව පිලිබඳ එම වීඩියෝවේ අයිතිකාරිනිය සහ එම සිද්ධියට මුහුණ දුන් නවසිලන්ත කාන්තාව විසින් ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම වෙත සටහනක් එක කරමින් ඇය පවසා සිටින්නේ මෙම සිද්ධිය එක් සිදුවීමක් පමණක් බවත් එවැනි එක් සිදුවීමක් මඟින් රටක් නිර්වචනය නොකරන බවයි.

ඒ වීඩියෝව මේ තරම් ව්‍යාප්තව යයි කියලා මම කවදාවත් බලාපොරොත්තු වුණේ නැහැ… නමුත් ඒකෙන් කාන්තා ආරක්ෂාව, තනි ගමන සහ අපි තවමත් මුහුණ දෙන යථාර්ථය පිළිබඳ සැබෑ සංවාද ආරම්භ වෙනවා නම්, ඒක වටිනවා.එක් සිදුවීමක් රටක් නිර්වචනය කරන්නේ නැහැ, ඒක තනි කාන්තා ගමන නිර්වචනය කරන්නේ නැහැ. ශ්‍රී ලංකාව ඇදහිය නොහැකි ස්ථානයක්, මට මගේ මුළු මාසය පුරාම පාරේ ආරක්ෂිත බවක් දැනුණා. කරුණාකර එක් පිරිමියෙකුගේ හැසිරීම සමස්ත සංස්කෘතියක් පිළිබඳ ඔබේ දැක්ම හැඩගැස්වීමට ඉඩ නොදෙන්න.කාන්තාවන්ට ඕනෑම තැනක – බියෙන් තොරව ගමන් කිරීමට හැකි විය යුතුයි. ඒ වගේම අපි ඒක සාධාරණීකරණය කළ යුතු නැහැ. සහයෝගය එවූ සැමට සහ මෙතරම් ඉක්මනින් ක්‍රියා කිරීම ගැන ශ්‍රී ලංකා සංචාරක පොලිසියට ස්තූතියි. සංවාදය දිගටම කරගෙන යමු, නමුත් මතක තබා ගනිමු: ලෝකය හොඳ මිනිසුන්ගෙන් පිරී ඇත.

  1. Actually it’s really good that the lady tourist has made this statement as merely because of one isolated incident the behaviour, culture of the entire nation cannot be assessed.
    Appreciate the work of Sri Lankan Tourist Police to find the culprit speedily.
    Maximum punishment should be given to him for others also to know the gravity of same and the tarnish of Sri lankan image.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48
Video thumbnail
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට ම#ණ දඬුවම
00:51
Video thumbnail
පූජිතට ලැබුණු මරණ දඩුවම ගැන ඇසූ විට මෛත්‍රීපාල සිරිසේනට තද වෙයි
00:31
Video thumbnail
පූජිත්ට දුන්න ම#ණ දඬුවම ගැන අහද්දි මෛත්‍රිපාලට යකා නගියි ?"නෑ නෑ මම වොයිස්කට් දෙන්නේ නෑ"
00:57