විදෙස් කතකට රහසඟ පෙන්වූ සිද්ධිය ජාත්‍යන්තර මාධ්‍යයේ අවදානයට

ආරුගම්බේ ප්‍රදේශයේ දී විදෙස් ජාතික කාන්තාවකට, තරුණයෙකු විසින් සිය ලිංගේන්ද්‍රය පෙන්වා ලිංගික හිංසන කළ බව කියන සිද්ධිය මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍යයේ අවදානය යොමුව තිබෙනවා.

ජනප්‍රිය ඉන්දීය පුවත් වෙබ් අඩවියක් වන NDTV පුවත් වෙබ් අඩවිය මෙම සිදුවීම පිළිබඳව පුවතක් වාර්තා කර තිබූ අතර, මේ සමඟ මෙරට සංචාරයේ නිරත වූ තවත් විදෙස් කාන්තාවන් කිහිපදෙනෙකුට අත්විදීමට සිදුවූ අනපේක්ෂිත සිදුවීම් කිහිපයක් ද වාර්තා කර තිබුණා.

මෙම සිදුවීම් කිහිපය වාර්තා කරමින් NDTV වෙබ් අඩවිය පසන්නේ, ශ්‍රී ලංකාව කාන්තාවන්ට අනාරක්ෂිත බව සම්මුතිය නොවන බවත්, ලෝකයේ ඕනෑම තැනක මෙවැනි අත්දැකීම් වෙනස් විය හැකි බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව ප්‍රධාන ගමනාන්තයක් ලෙස සහ බොහෝ තනි කාන්තාවන්ට ප්‍රතිලාභදායක තැනක් ලෙස අඛණ්ඩව වර්ධනය වන අතර, මූලික පූර්වාරක්ෂාවන් වැදගත්වන බවයි දැනුම් දෙන්නේ.

මේ අතර හොඳින් සමාලෝචනය කරන ලද නවාතැන්වල නවාතැන් ගන්නා ලෙසත්, විශේෂයෙන් තනි කාන්තා සංචාරකයින්ට ආහාර සපයා ගැනීම, ප්‍රවාහන සේවා සපයා ගැනීමේ දී එම සේවා ලබාගත හැකි යෙදුම් (App) ඔස්සේ අදාළ සේවාවන් ලබාගන්නා ලෙස ද දැනුම් දෙනවා.

එමෙන්ම හුදකලා ප්‍රදේශවල අවදානයෙන් සිටින ලෙසත්, ඉතා ඉක්මනින් හුරුපුරුදු වන ආගන්තුකයන් සමඟ ස්ථිර සීමාවන් සකසන ලෙසත් සංචාරකයින්ට දැනුම්දීමක් කරනවා.

විශේෂයෙන් මාර්ග චාරිකාවල දී දෛනික මාර්ගය හිතවතෙකුට දන්වන ලෙසට ද සංචරයින්ට NDTV පුවත් වෙබ් අඩවිය දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36