ඉන්දීය ප්‍රිමියර් ලීගයේ 2026 තරග වාරය සඳහා කණ්ඩායම්වල රඳවා ගන්නා ක්‍රීඩකයින් කවුරුන්ද යන වග මේ වන විට එම කණ්ඩායම් මඟින් නිවේදනය කරමින් පවතිනවා.
එම නිවේදනයන්ට අනුව ඉන්දීය ප්‍රිමියර් ලීගයේ කණ්ඩායම් වෙනුවෙන් නම් දරා සිටි ඉන්දීය ක්‍රීඩකයින් මෙන්ම විදේශීය ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ටම සිය කණ්ඩායම් අතහැර යාමට සිදුව තිබෙනවා.
ඒ අතරින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ සිටි රවින්ද්‍ර ජඩේජා, රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට බඳවා ගැනීම සහ රාජස්තාන් රෝයල්ස් කණ්ඩාමේ නායකයා ලෙස කටයුතු කළ සංජු සැම්සන්, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එක්වීම ක්‍රිකට් ලෝලීන්ගේ වැඩිම අවධානයක් හිමි වූ ක්‍රීඩක හුවමාරුව වනවා.
කෙසේ වෙතත් මෙලෙස ක්‍රීඩකයින් මුදා හැරීම සහ රඳවා තබා ගැනීම මත ගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීගය ක්‍රීඩා කළ මෙරට ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ට කණ්ඩායම් අහිමිව ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතිෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මුදාහැර ඇති අතර රාජස්තාන් රෝයල්ස් කණ්ඩාමේ සිටි ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් වන වනිඳු හසරංග සහ මහීෂ් තික්ෂන ද එම කණ්ඩායම විසින් මුදා හැර ඇති බවයි වර්තා වන්නේ.
එමෙන්ම ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ගිය තරගවාරයේ ක්‍රීඩාකළ දසුන් ශානකද එම කණ්ඩායමෙන් මුදා හැර තිබෙනවා.
ඒ අනුව මෙරට ක්‍රීඩකයින් සිව් දෙනෙක්ට තම කණ්ඩායම් අහිමි වී ඇති අතර ඔවුන්ට මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමට අවැසි නම් වෙනත් කණ්ඩායම්වලින් ගිවිසුම්ගත කරගන්නා තෙක් හෝ වෙන්දේසියේදී මිලදී ගන්නා තෙක් බලා සිටීමට සිදු වනවා.
මීට අමතරව ගිය තරගවාරයේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකළ කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග මෙන්ම ශ්‍රී ලංකා වේග පන්දුයවන්නන් වන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ දුෂ්මන්ත චමීර සහ රෝයල්ස් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නුවන් තුශාරව ද සිය කණ්ඩායම තුළ තව දුරටත් රඳවා තබා ගැනීමට එම කණ්ඩායම් තීරණය කර තිබෙනවා.














4
I strongly recommend to retain Kusal Mendis who’s the invincible match winner within he played for the team which won the IPL trophy last year.
( Don’t think that I’m an insane )🤣🤣🤣