2026 වසරට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2026 අගෝස්තු 09 වනදා පැවැත්වෙන බව උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද දැනුම්දීමට අනුව, 2026 වසරට අදාළ අපොස උසස්පෙළ විභාගය 2026 අගෝස්තු 10 වනදා සිට 2026 සැප්තැම්බර් 05 වනදා දක්වා පැවැත්වෙන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
එමෙන්ම 2026 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2026 දෙසැම්බර් 08 වනදා සිට 2026 දෙසැම්බර් 17 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.
මේ අතරට 2025 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය, 2026 පෙබරවාරි 17 වනදා සිට 2026 පෙබරවාරි 26 වනදා දක්වා පැවත් වෙනවා.

.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
+1
+1
+1
+1





