ඉනිම් 83කට පසු බාබර් රැස්කළ ශතකය පාකිස්ථානයට ජයගෙන එයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම් සහ පාකිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් එක තරගයක් ඉතිරිව තිබිය දී ජයගන්නට පාකිස්ථානය කණ්ඩායම ඊයේ (14) සමත් වුණා.

ඒ, දෙරට අතර රාවල්පින්ඩි හිදී පැවති දෙවන එක්දින තරගය කඩුලු 08 කින් ජයගැනීමත් සමඟයි.

මෙම තරගයේ තරගයේ කාසියේ වාසිය හිමිකරගත් පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර, එහිදී නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 288ක් රැස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා.

අනතුරුව ලකුණු 289ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්ථානය අදාළ ඉලක්කය පන්දුවාර 48යි පන්දු 02ක් තුළ කඩුලු දෙකක් පමණක් දැවී තිබිය දී පසුකර ගොස් තරගය ජයගත්තා.

එහිදී පාකිස්ථාන ජයග්‍රහණය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ බාබර් අසාම් නොදැවී ලකුණු 102ක් රැස් කළේ පන්දු 119කට මුහුණ දෙමින්.

බාබර් අසාම් ඊයේ රැස් කළේ සිය එක්දින දිවියේ 21 වන ශතකය වන අතර, එම ශතකය රැස් කිරීමට ඔහුට එක්දින ඉනිම් 83ක් බලා සිටීමට සිදුවුණා.

පාකිස්ථාන ක්‍රීඩක බාබර් අසාම් ඊයේ දින රැස්කළ ශතකයට පෙර අවසන් වරට එක්දින ශතකයක් රැස්කර තිබුනේ 2023 වසරේ අගෝස්තු 30 වනදායි.

මේ අතර ඊයේ (14) පැවති දෙවන එක්දින තරගය ජයගැනීම වෙනුවෙන් ෆකාර් සමාන් ලකුණු 74ක් රැස්කළ අතර, මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 51ක් වාර්තා කළා.

දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරගය හෙට (16) රාවල්පින්ඩි හිදීම පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06