2026 වර්ෂය සඳහා අයවැය මඟින් වතු කම්කරුවන්ගේ වැටුපෙන් රුපියල් 400ක මුදලක් වැඩි කිරීම සඳහා රජය ගෙන ඇති තීරණය පිළිබද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
තම නිල යූටියුබ් නාලිකාව වෙත වීඩියෝවක් මුදා හරිමින් ඔහු පවසා ඇත්තේ, ”ඉතාමත් ඛේදනීය, දුක්ඛිත ජිවිතයක් ගත කරන වතු ප්‍රජාවට රුපියල් 400ක වැඩි වීම අගය කරනවා වගේම එය ප්‍රමාණවත් නැහැ. අපි ඇත්තටම විශ්වාස කරනවා මීට වැඩිය වැඩි ප්‍රතිපාදනයක් වෙන් කිරීම සුදුසුයි කියන කාරණාව. සමහරෙක් තර්ක කරන්න පුළුවන් රජයකට පුළුවන්ද කියලා මේ ආකාරයෙන් මුදල් වෙන් කරන්න. ඇත්ත වශයෙන්ම පුළුවන්, කොරෝනා සමයේ එක්සත් රාජධානියේ රජය කඩා වැටුණු ව්‍යාපාරවලට වැටුප් ගෙවීමට එක්සත් රාජධානියේ ආණ්ඩුව මුදල් වෙන් කළා.ඒක නිසා ඒ ආකාරයේ මුදල් වෙම්න් කිරීමේ ගැටළුවක් අපි දකින්නේ නැහැ.” යනුවෙනි.















