උප්පැන්නය සහතිකයේ ලොකු වෙනසක් (වීඩියෝ)

දරුවෙක් සඳහා උපතේදී හිමිවන උප්පැන්න සහතිකය ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් කරමින් එම උප්පැන්න සහතිකයට අනාගතයේ දී එම දරුවාට හිමිවන ජාතික හැඳුනුම්පත් අංකය ද ඇතුළත් කිරීමට කටයුතු කරන බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න පවසනවා.

ඔහු මේ බව සඳහන්කර සිටියේ උප්පැන්න සහතික බෙදා දීම විධිමත් කිරීමේ අරමුණෙන් තැපැල් දෙපාර්තමේන්තුව සමඟ එක්ව ආරම්භ කළ වැඩසටහනක සමාරම්භක අවස්ථාවකට එක්වෙමිනුයි.

එමෙන්ම රජය මඟින් ලබා දීමට සැලසුම්කර ඇති ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමේ ක්‍රියාවලිය තුළ තුන්වෙනි පාර්ශවයක් සඳහා තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් නොපවතින බවටද අමාත්‍යවරයා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
0
+1
10
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?