නානුඔය නගරයේ ආහාර ද්‍රව්‍ය වෙළදසැළක අද (12) දින දහවල් කාලයේ හටගත් ගින්නක් පාලනය කර ගැනීමට හැකි වූ බව නානුඔය පොලිසිය පවසනවා.
පස්වරු 1:30ට පමණ එම වෙළදසැළ තුල පෑස්සුම් කටයුත්තක් සිදු කර ඇති අතර, එහි ඇති වූ ගිනි පුපුරක් වෙළදසැලේ අලෙවි කිරිමට තිබූ රතිඤ්ඤාවලට වැටී ගින්න හට ගෙන ඇති බවයි පොලිසිය සැක කරන්නේ.
ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර, ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් ගණනය කර නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
1
+1














