සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් පමණක් දැවීගොස් ලකුණු 300ක් රැස් කර ගැනීමට සමත් වුණා.
එහිදී පාකිස්ථාන ඉනිමේ අංක 05 පිතිකරු ලෙස පිටියට පිවිසි සල්මන් අලි අගා විසින් විශිෂ්ඨ ශතකයක් රැස් කිරීමට සමත් වුණේ පන්දු 87ක් තුළ නොදැවී ලකුණු 105ක් රැස් කරමින්.
එමෙන්ම ඉනිමේ අවසාන භාගයේදී ශතකලාභියා සමඟින් එක වූ මොහොමඩ් නවාස් ද පන්දු 23ක් තුළ වේගවත් ලකුණු 36ක් රැස් කර ගත්තේ අවසන් පන්දුව වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින්.
පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 54 කට කඩුලු 03ක් දවා ගනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1
1















