පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් සිම්බාබ්වේ වේග පන්දු යවන ක්‍රීඩක බ්ලෙසිං මුසරබානිට තුන්කොන් විස්සයි විස්ස තරගාවලිය අහිමිව යන බව වාර්තා වනවා.
ඒ, අනුව පාකිස්ථානය, ශ්‍රී ලංකාවට සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වීම නියමිත තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ සංචිතයෙන් ඔහුව ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු වෙනුවට තවමත් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකට ක්‍රීඩා කර නොමැති වමත් වේග පන්දු යවන ක්‍රීඩක නිව්මන් නියාම්හුරි නම් කර තිබෙනවා.
19 හැවිරිදි නියාම්හුරි, 2024 දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර තරග බිමට පිවිසි අතර, ඔහු මේ වනවිට ටෙස්ට් තරග හතරක් සහ එක්දින තරග හතරක් ක්‍රීඩා කර තිබෙනවා.
පසුගිය ජූලි මාසයේදී දකුණු අප්‍රිකාවට සහ නවසීලන්තයට එරෙහිව පැවති තුන්කොන් තරගාවලිය සඳහා ඔහු සිම්බාබ්වේ විස්සයි විස්ස සංචිතයට නම් කරන ලද නමුත් කිසිදු තරගයකට සහභාගී වුයේ නැහැ.
සිකන්දර් රාසාගේ නායකත්වයෙන් යුත් සිම්බාබ්වේ කණ්ඩායම නොවැම්බර් 17 වන දින රාවල්පින්ඩි හිදී සත්කාරක පාකිස්තානයට එරෙහිව විස්සයි විස්ස තුන්කොන් තරඟාවලිය ආරම්භ කරනවා.















