මුසරබානිට තුන්කොන් විස්සයි විස්ස තරගාවලිය අහිමිව යයි

පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් සිම්බාබ්වේ වේග පන්දු යවන ක්‍රීඩක බ්ලෙසිං මුසරබානිට තුන්කොන් විස්සයි විස්ස තරගාවලිය අහිමිව යන බව වාර්තා වනවා.

ඒ, අනුව පාකිස්ථානය, ශ්‍රී ලංකාවට සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වීම නියමිත තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ සංචිතයෙන් ඔහුව ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු වෙනුවට තවමත් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකට ක්‍රීඩා කර නොමැති වමත් වේග පන්දු යවන ක්‍රීඩක නිව්මන් නියාම්හුරි නම් කර තිබෙනවා.

19 හැවිරිදි නියාම්හුරි, 2024 දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර තරග බිමට පිවිසි අතර, ඔහු මේ වනවිට ටෙස්ට් තරග හතරක් සහ එක්දින තරග හතරක් ක්‍රීඩා කර තිබෙනවා.

පසුගිය ජූලි මාසයේදී දකුණු අප්‍රිකාවට සහ නවසීලන්තයට එරෙහිව පැවති තුන්කොන් තරගාවලිය සඳහා ඔහු සිම්බාබ්වේ විස්සයි විස්ස සංචිතයට නම් කරන ලද නමුත් කිසිදු තරගයකට සහභාගී වුයේ නැහැ.

සිකන්දර් රාසාගේ නායකත්වයෙන් යුත් සිම්බාබ්වේ කණ්ඩායම නොවැම්බර් 17 වන දින රාවල්පින්ඩි හිදී සත්කාරක පාකිස්තානයට එරෙහිව විස්සයි විස්ස තුන්කොන් තරඟාවලිය ආරම්භ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46