නවදිල්ලි නුවර රතු බලකොටුව ඊයේ (10) පස්වරුවේ සිදු වූ පිපිරීම පිළිබඳ පුවත අසා තමා කණගාටුවට පත් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව ඉන්දීය ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවවයි ජනධිපතිවරයා එම එක්ස් සටහනේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.
මේ අතර ඉදිරි දින තුන සඳහා දිල්ලි නුවර රතු බලකොටුව සංචාරකයින්ට වසා තබන බව ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර තිබෙනවා.
පිපිරීම සිදු වූ ස්ථානයේ විමර්ශනය සිදු කරන බැවින් ස්මාරකය අසල මහජන රැස්වීම් අඩු කිරීම මෙම තීරණයේ අරමුණ වී තිබෙනවා.
මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම පිපිරීම මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.
මැරෙන ප්‍රහාරය සිදුකළ බෝම්බකරු උමාර් මොහොමඩ් නැමැති වෛද්‍යවරයෙක් බවටයි මේ වනවිට හඳුනාගෙන ඇත්තේ.















