දිල්ලි නුවර පිපිරීම ගැන ජනපති අනුර කණගාටුවෙන්

නවදිල්ලි නුවර රතු බලකොටුව ඊයේ (10) පස්වරුවේ සිදු වූ පිපිරීම පිළිබඳ පුවත අසා තමා කණගාටුවට පත් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ඉන්දීය ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවවයි ජනධිපතිවරයා එම එක්ස් සටහනේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මේ අතර ඉදිරි දින තුන සඳහා දිල්ලි නුවර රතු බලකොටුව සංචාරකයින්ට වසා තබන බව ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර තිබෙනවා.

පිපිරීම සිදු වූ ස්ථානයේ විමර්ශනය සිදු කරන බැවින් ස්මාරකය අසල මහජන රැස්වීම් අඩු කිරීම මෙම තීරණයේ අරමුණ වී තිබෙනවා.

මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම පිපිරීම මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.

මැරෙන ප්‍රහාරය සිදුකළ බෝම්බකරු උමාර් මොහොමඩ් නැමැති වෛද්‍යවරයෙක් බවටයි මේ වනවිට හඳුනාගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01