ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව ආසන්නයේ ඊයේ (10) සිදු වූ පිපිරීම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරු උමාර් මොහොමඩ් නැමැති වෛද්‍යවරයෙකු බවයි සැකපළ කරන්නේ.
ඔහුගේ ඡායාරුපයක් ද ඉන්දීය ආරක්ෂක අංශ මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
1989 පෙබරවාරි 24 වන දින ජම්මු සහ කාශ්මීරයේ පුල්වාමා හි උපත ලැබූ උමාර්, අල් ෆලා වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ අයෙක් බවට ද හඳුනාගෙන තිබෙනවා.
නවදිල්ලි හි පිහිටි සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන රතු බලකොටුව ආසන්නයේ ඊයේ (10) පස්වරු 6.52කට පමණ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුවූ අතර, එහිදී පුද්ගලයින් 09 දෙනෙක් මියගොස් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලැබුවා.
සුදු පැහැති හයිහුන්ඩායි අයි 20 මාදිලියේ මෝටර් රථය තුළ මෙම පිපිරීම සිදුව ඇති බව අනාවරණය වී ඇති අතර, ප්‍රහාරකයා ද එම මෝටර් රථය තුළ සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
ප්‍රහාරයට පැය තුනකට පෙර මරාගෙන මැරෙන ප්‍රහාරයේ සැකකාර රියදුරු එම මෝටර් රථය රතු බලකොටුව ආසන්න රථගාලක් වෙත පැමිණි අයුරු ආරක්‍ෂිත කැමරාවල සටහන්ව තිබෙනවා.
අනතුරුව ඔහු රථය රථ ගාලෙන් ඉවතට පදවාගෙන පැමිණ ජනාකීර්ණ මාර්ගය වෙත පිවිස කෙටි වේලාවකින් එය පුපුරවා හැර ඇති බවයි විමර්ශන නිලධාරීන් පවසන්නේ.















