ව්‍යවසායකත්ව රාජ්‍යයක් සතුටු දැයක් වෙනුවෙන් සර්වජන ට්‍රස්ට් හෙවත් ‘සර්වජන භාරය’ පිහිටුවීම පසුගිය දා කොළඹ දී සිදුකෙරුණා.
ඒ, සර්වජන භාරයේ ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙන්.
බිම් මට්ටමේ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ මාවතක් ලෙස “සර්වජන භාරය” එළිදැක්වීමේ අරමුණයි.
එමෙන්ම ව්‍යවසායකත්ව සංවර්ධන සහ කුඩා ව්‍යාපාර ඇරඹීම සඳහා මූල්‍යාධාර සැපයීම, රට තුළ ශක්තිමත් ව්‍යවසායකත්ව රාජ්‍යයක් සකස්කිරීමට සංවිධානගත සමූහ දායකත්වය ප්‍රවර්ධනය සහ දිළිඳු ජනතාවගේ සෞඛ්‍ය පෝෂණ සහ අධ්‍යාපන දර්ශක ඉහළ නැංවීම ද සර්වජන භාරයේ අරමුණු වී තිබෙනවා.
මෙම ‘සර්වජන භාරය’ පිහිටුවා ඇත්තේ ලාභ නොලබන පදනමක් ලෙසයි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස්, චීන නියෝජ්‍ය තානාපති, ඉන්දිනීසියානු මහකොමසාරිස්, මාලදිවයින් තානාපති මෙන්ම කැනඩා, ජපන්, රුසියානු, තායිලන්ත, නේපාල යනාදී රටවල රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්, ව්‍යාපාරිකයින්, මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගීව සිටියා.















