මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරන බවට සැකපිට මාලදිවයින් මුහුදේ දී අත්අඩංගුවට ගැනුණු මෙරට බහුදින යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයින් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව පොලිසිය පවසනවා.
ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ආරම්භ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
මාලදිවයින් මුහුදු සීමාවේ දී අත්අඩංගුවට ගැනුණු අවස්ථාවේ මෙම බහුදින ධීවර යාත්‍රාවේ පුද්ගලයින් හයදෙනෙකු රැඳී සිට ඇති බවයි වාර්තා වුණේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සපයන ලද බුද්ධි තොරතුරු මත පදනම්ව මාලදිවයින් වෙරළාරක්ෂක බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
1
+1
+1
+1
+1





