මිටියාගොඩ, ගොඩගම, තෙල්වත්ත ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 05 ග්‍රෑම් 416 ක් සමඟ සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත, කොළඹ සංවිධානත්මක අපරාධ ඒකකයේ නිලධාරීන් පිරිසක් සිදුකළ මෙහෙයුමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
මෙහිදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් එක්කෝටි අටලක්ෂ එකොලොස් දහස් පන්සියයක් ද පොලිස් නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 32 ත් 51 අතර වයස්වල පසුවන ගාල්ල, අහංගම, තෙල්වත්ත, වතුගෙදර සහ සීනිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.





