රිය අනතුරු 06ක් නිසා 06 දෙනෙක් අවසන් ගමන් යයි

ඊයේ (08) දිනයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ මාරක රිය අනතුරු නිසා පුදගකයන් 096 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

වාකරේ ප්‍රදේශයේ යතුරුපැදිකරුවෙක්ට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරලී ගොස් බරපතල තුවාල ලබා වාකරේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු‍ 69 ක් වූ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

හම්බන්තොට, මිගහජැදුර මාර්ගයේ කැලිගම හන්දියේදී හම්බන්තොට දෙස සිට ගොන්නෝරුව දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ගමන්කල පාපැදියක ගැටී සිදුව වූ අනතුරින් වයස අවුරුදු‍ 79 ක් වූ පාපැදිකරු ජිවිතක්ෂයට පත්ව ඇති බව හම්බන්තොට පොලිසිය පවසනවා.

මැදවච්චිය පොලිස් වසමේ ද මහනුවර – යාපනය මාර්ගයේ කිලොමීටර් 149 කණුව ආසන්නයේදී රඹෑව දෙස සිට මැදවච්චිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇති අතර එම අනතුරින් ත්‍රීරෝද රථයේ පිටුපස සිටි ත්‍රීරොද රථ රියදුරුගේ වයස අවුරුදු‍ 49 ක් බිරිද තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබුණා.

බෝගස්වැව ප්‍රදේශයේදී ද ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරලී ගොස් අනතුරක් සිදුව ඇති අතර අනතුරින් ත්‍රීරෝද රථයේ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු‍ 65 ක් වූ බෝගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

එමෙන්ම පනාගොඩ යුධ හමුදා ඉංජිනේරු බලකා කඳවුර අසලදී හබරකඩ දෙස සිට ගොඩගම දෙසට ධාවන වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලී ඇදී ගොස් අනතුරක් සිදුව යතුරුපැදිකරු බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කඩුවෙල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙක්.

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙට්ටුමකඩ හන්දිය අසලදී ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා පාපැදිකින් ගමන්කල ළමයෙක්ගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් එම ළමයා බරපතල තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වයස අවුරුදු‍ 11 ක් වූ කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමයෙක් මෙලෙස ජිවිතක්ෂයට පාත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54