මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නව දියවඩන නිලමේවරයා තෝරා පත්කර ගැනීම අද (07) පස්වරුවේ සිදුකෙරෙනවා.
මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී මෙය පැවැත්වෙන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා වත්මන් වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුළු හත්දෙනෙකු ඉදිරිපත් වනවා.
කතරගම මහා දේවාලයේ සහ පස්ගම ශ්‍රී නාථ දේවාලයේ ප්‍රධාන භාරකරු වන දමින්ද බණ්ඩාර උඩුරාවණ, නාථ දේවාලයේ සහ ඇම්බැක්කේ ශ්‍රී කතරගම දේවාලයේ ප්‍රධාන භාරකරු වන ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුව සහ කළමනාකරණ පීඨයේ මහාචාර්ය තිලක් සුබසිංහ, එම විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරී ගාමිණීණි කළුහෙන්ඩිවල, බදුල්ල සෝනුත්තර රජමහා විහාරයේ සහ සතරමහා දේවාලයේ ප්‍රධාන භාරකරු සහ ව්‍යාපාරික රොෂාන් ප්‍රියදර්ශන, විශ්‍රාමික හමුදා කර්නල් නන්ද මඩුගල්ලේ යන අය අනෙකුත් හය දෙනායි.
දියවඩන නිලමේවරයා තෝරා පත්කර ගැනීමේ රැස්වීමේ දී මහා සංඝරත්නය ඇතුළු 265 ක පමණ පිරිසක් මෙවර ඡන්දය ලබාදීමට සුදුසුකම් සපුරා සිටිනවා.
ඒ, අනුව අද දිනයේ තේරීපත්වන නව දියවඩන නිලමේවරයාට 2035 වසර එම ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව හිමිවනවා.
මෙරට බ්‍රිතාන්‍යය යටත් විජිතයක් බව පත්වූදා සිට මේ දක්වා දියවඩන නිලමේ ධුරයේ පුද්ගලයින් 19 දෙනෙකු කටයුතු කර තිබෙනවා.















