ශ්‍රී දළදා මාලිගාවේ නව දියවඩන නිලමේවරයා තෝරා පත්කර ගැනීම අද

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නව දියවඩන නිලමේවරයා තෝරා පත්කර ගැනීම අද (07) පස්වරුවේ සිදුකෙරෙනවා.

මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී මෙය පැවැත්වෙන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා වත්මන් වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුළු හත්දෙනෙකු ඉදිරිපත් වනවා.

කතරගම මහා දේවාලයේ සහ පස්ගම ශ්‍රී නාථ දේවාලයේ ප්‍රධාන භාරකරු වන දමින්ද බණ්ඩාර උඩුරාවණ, නාථ දේවාලයේ සහ ඇම්බැක්කේ ශ්‍රී කතරගම දේවාලයේ ප්‍රධාන භාරකරු වන ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුව සහ කළමනාකරණ පීඨයේ මහාචාර්ය තිලක් සුබසිංහ, එම විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරී ගාමිණීණි කළුහෙන්ඩිවල, බදුල්ල සෝනුත්තර රජමහා විහාරයේ සහ සතරමහා දේවාලයේ ප්‍රධාන භාරකරු සහ ව්‍යාපාරික රොෂාන් ප්‍රියදර්ශන, විශ්‍රාමික හමුදා කර්නල් නන්ද මඩුගල්ලේ යන අය අනෙකුත් හය දෙනායි.

දියවඩන නිලමේවරයා තෝරා පත්කර ගැනීමේ රැස්වීමේ දී මහා සංඝරත්නය ඇතුළු 265 ක පමණ පිරිසක් මෙවර ඡන්දය ලබාදීමට සුදුසුකම් සපුරා සිටිනවා.

ඒ, අනුව අද දිනයේ තේරීපත්වන නව දියවඩන නිලමේවරයාට 2035 වසර එම ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව හිමිවනවා.

මෙරට බ්‍රිතාන්‍යය යටත් විජිතයක් බව පත්වූදා සිට මේ දක්වා දියවඩන නිලමේ ධුරයේ පුද්ගලයින් 19 දෙනෙකු කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03