බ්‍රිතාන්‍ය පර්යේෂකයන්ට චීනයෙන් බලපෑම්

ෂෙෆීල්ඩ් හලාම් විශ්ව විද්‍යාලය මානව හිමිකම් පර්යේෂණ නතර කර දැමීමට චීනයෙන් අඛණ්ඩ පීඩනයක් එල්ල වූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයක් ත්‍රස්ත විරෝධී පොලිසියට යොමු කර තිබෙනවා.

බීබීසී සහ ගාඩියන් පුවත්පත වාර්තා කර ඇත්තේ චීනයේ ෂින්ජියැං කලාපයේ බලහත්කාරයෙන් වැඩ කිරීම පිළිබඳ ප්‍රකාශ සම්බන්ධයෙන් එහි මහාචාර්යවරයෙකු විසින් කරන ලද සංවේදී පර්යේෂණ නවත්වන ලෙස විශ්ව විද්‍යාලයෙන් ඉල්ලා සිටීම ද ඇතුළුව චීනය වසර දෙකක බිය ගැන්වීමේ සහ හිරිහැර කිරීමේ ව්‍යාපාරයක් දියත් කළ බවට ලේඛනවලින් පෙනී යන බවයි.

දකුණු යෝක්ෂයර් පොලිස් ප්‍රකාශකයෙකු පැවසුවේ “චෝදනා ජාතික ආරක්ෂක පනතේ 3 වන වගන්තියට අයත් වන” බැවින් බලකාය විමර්ශනය යොමු කර ඇති බවයි.

පනතේ 3 වන වගන්තියෙන් කියවෙන්නේ “විදේශ බුද්ධි සේවයකට සහාය වීම” සම්බන්ධයෙන්.

ෂෙෆීල්ඩ් හි සිදුකෙරෙන මහාචාර්ය මර්ෆිගේ පර්යේෂණ නතර කර දමන ලෙස ඉල්ලා සිටි චීනයේ ජාතික ආරක්ෂක සේවයේ පුද්ගලයින් විසින් විශ්ව විද්‍යාලයේ චීන කාර්ය මණ්ඩලයට තර්ජනය කර ඇති බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

චීනය තුළ ජාතික ආරක්ෂක සේවය නමින් සංවිධානයක් ඇතැයි විශ්වාස නොකෙරේ, එබැවින් එම පුද්ගලයින් කවුරුන්ද යන්න පැහැදිලි නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08