අනාරක්ෂිත ළිඳකට වැටුණු තරුණයා ගොඩගත් මෙහෙයුම – තරුණයා ජීවිතක්ෂයට (වීඩියෝ)

කළුතර දකුණ, ගල්ලස්සේන, ගුණතිලක වත්ත ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටුණු පුද්ගලයෙක් ගිනි නිවන භාටයින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා ගොඩෙන තිබෙනවා.

කෙසේ වෙතත් එම පුද්ගලයා ගොඩගන්නා විටත් මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කළුතර දකුණ, වෙනිවෙල්කැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක ඉසුරු විදුශාන් නැමැති විවාහක තරුණයෙක්.

අනාරක්ෂිත ළිඳ ආසන්නයේ නිවසක සිටි පුද්ගලයෙකුට කිසියම් ශබ්දයක් ඇසුණු බවට ප්‍රදේශවාසීන්ට පැවසීමෙන් අනතුරුව ළිං පතුල පරීක්ෂා කිරීමේ දී කිසිදු පුද්ගලයෙක් ළිඳ තුළ දක්නට ලැබී නැහැ.

අනතුරුව මෝටරයක් මඟින් ළිඳේ ජලය ඉස කළුතර මහනගර සභාවේ ගිනිනිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේ දී ළිඳට වැටුණු තරුණයා ළිං පතුලේ සිටිය දී සොයාගෙන තිබෙනවා.

අනතුරුව දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ළිං පතුලේ සිටි තරුණයාව ගොඩගෙන සුවසැරිය ගිලන් රථයකින් කළුතර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා අනාරක්ෂිත ළිඳට වැටුණු ආකාරය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14