බලුකිස්තානයේ දී ප්‍රහාරයකින් පාකිස්තාන හමුදාවේ හයක් මරුට

බලුකිස්තානයේ කලාත් හි කඳුකර ප්‍රදේශයක දී සන්නද්ධ පුද්ගලයින් හමුදා රථ පෙළකට සැඟවී සිට පහර දීමෙන් කොමාන්ඩෝ භටයින් දෙදෙනෙකු ඇතුළු අවම වශයෙන් පකිස්ථාන සොල්දාදුවන් හයදෙනෙකු මිය ගොස් තිබෙනවා.

කඳුකරයේ සැඟව සිටි ස්නයිපර් වෙඩික්කරුවන් ප්‍රහාරය එල්ල කර ඇතැයි සඳහන්.

ප්‍රහාරයත් සමඟ දැඩි වෙඩි හුවමාරුවක් ඇසුණු බව ප්‍රදේශවාසීන් උපුටා දක්වමින් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළා.

භූමියේ භටයින්ට සහාය වීම සඳහා හෙලිකොප්ටර් හතරක් අසල කඳුකරයට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ද සඳහන්.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති නමුත්, බලුච් “නිදහස් ගැති” සන්නද්ධ කණ්ඩායම් – විශේෂයෙන් බලුච් විමුක්ති හමුදාව (BLA) – කලාපයේ ක්‍රියාත්මක අතර අතීතයේ දී ද එවැනිම ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?