Update – නාවික හමුදාව ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාවේ බිලියන 5කට ආසන්න අයිස් සහ හෙරොයින්

නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 350කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා.

මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 05කට ආසන්න බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර පසුගිය මාස හතක පමණ කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව හෙරොයින් කිලෝ 754ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1880ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Update – Sunday, November 2, 2025, 10.55 AM

ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව ඇල්ලූ බහුදින යාත්‍රාවේ හෙරොයින් සහ අයිස්

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගත් බහුදින යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය හමු වූ බව නාවික හමුදාව පවසනවා.

එම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය උර 16ක දමා තිබිය දී සොයා ගැනීමට නිලධාරීන්ට හැකිව තිබෙනවා.

එලෙස සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ කිරුම් කටයුතු සිදුකරමින් පවතින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පුද්ගලයින් හයදෙනෙකු සමඟ ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගත් මෙම බහුදින ධීවර යාත්‍රාව අද (02) උදෑසන දික්‌ඕවිට වරාය වෙත රැගෙන ආවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23