පුහුණු සැසියකදී පන්දුවක් හිසේ වැදීමෙන් ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු පසුගිය දා ජීවිතක්ෂයට පත් වුණා.
බෙන් ඔස්ටින් නැමැති 17 හැවිරිදි ක්‍රීඩකයාගේ හදිසි වියෝව පිළිබඳව ක්‍රිකට් ලෝකයේ කතා බහක් ඇතිකළ මාතෘකාවක් බවට මේ වනවිටත් පත්ව තිබෙනවා.
එවන් තත්ත්වයක ඉන්දීය කාණ්ඩයම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර ඊයේ (31) ආරම්භ වූ විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ආරම්භයට පෙර බෙන් ඔස්ටින් වෙනුවෙන් ගෞරව දක්වන්නට දෙපිළේම ක්‍රීඩකයින් කටයුතු කළා.
මේ අතර ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ද බෙන් ඔස්ටින් වෙනුවෙන් ශෝකය පළකරන්නට කටයුතු කර තිබුණා.
සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ධනංජය ද සිල්වා සඳහන් කර ඇත්තේ ක්‍රිකට් ඔබව නැති කර ගත්තා, නමුත් ඔබේ මතකයන් සැමදා පවතිනු ඇති බවයි.
















