අකාලයේ සමුගත් බෙන් වෙනුවෙන් ධනංජයත් ශෝකය පළකරයි

පුහුණු සැසියකදී පන්දුවක් හිසේ වැදීමෙන් ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු පසුගිය දා ජීවිතක්ෂයට පත් වුණා.

බෙන් ඔස්ටින් නැමැති 17 හැවිරිදි ක්‍රීඩකයාගේ හදිසි වියෝව පිළිබඳව ක්‍රිකට් ලෝකයේ කතා බහක් ඇතිකළ මාතෘකාවක් බවට මේ වනවිටත් පත්ව තිබෙනවා.

එවන් තත්ත්වයක ඉන්දීය කාණ්ඩයම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර ඊයේ (31) ආරම්භ වූ විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ආරම්භයට පෙර බෙන් ඔස්ටින් වෙනුවෙන් ගෞරව දක්වන්නට දෙපිළේම ක්‍රීඩකයින් කටයුතු කළා.

මේ අතර ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ද බෙන් ඔස්ටින් වෙනුවෙන් ශෝකය පළකරන්නට කටයුතු කර තිබුණා.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ධනංජය ද සිල්වා සඳහන් කර ඇත්තේ ක්‍රිකට් ඔබව නැති කර ගත්තා, නමුත් ඔබේ මතකයන් සැමදා පවතිනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35