ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි කෝවිලක අද (01)සිදු වූ තෙරපීමකින් බැතිමතුන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම තෙරපීමෙන් තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.
ආන්ද්‍ර ප්‍රදේශ්හි ශ්‍රීකාකුලම් හි ශ්‍රී වෙන්කටේෂ්වර ස්වාමි කෝවිලේ මෙම ඛේදවාචකය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
හින්දු බැතිමතුන් පූජා පවත්වන ‘ඒගාදසී’ දිනය සැමරීම වෙනුවෙන් බැතිමතුන් දේවාලයට රැස්ව සිටිය දී මෙම තෙරපීම සිදුව තිබෙනවා.
මාස හතරකට පෙර බැතිමතුන් සඳහා විවෘත කරන ලද මෙම කෝවිල තිරුමාලාවේ මහා ශ්‍රී වෙන්කටේෂ්වර ස්වාමි කෝවිලේ ආදර්ශයට ගෙන ඇති අතර, එය “කුඩා තිරුපති” ලෙසයි හඳුන්වන්නේ.
කෝවිලට පැමිණි බැතිමතුන් පිරිස පාලනය කිරීමට නොහැකිවීමෙන් දේවාල පරිශ්‍රයේ මෙම තෙරපීම ඇති වූ බවයි ප්‍රාන්ත පොලිසිය සඳහන් කළේ.
මෙම කෝවිලර එක්රැස්විය හැකි ධාරිතාව 2,000 ත් 3,000 ත් අතර පිරිසක් වන අතර අද දිනයේ දී 25,000 කට අසන්න බැතිමතුන් සංඛ්‍යාවක් එහි පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.




