ඉන්දියාවේ කෝවිලක තෙරපීමකින් 12 දෙනෙක් මිය ගිහින්

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි කෝවිලක අද (01)සිදු වූ තෙරපීමකින් බැතිමතුන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම තෙරපීමෙන් තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.

ආන්ද්‍ර ප්‍රදේශ්හි ශ්‍රීකාකුලම් හි ශ්‍රී වෙන්කටේෂ්වර ස්වාමි කෝවිලේ මෙම ඛේදවාචකය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

හින්දු බැතිමතුන් පූජා පවත්වන ‘ඒගාදසී’ දිනය සැමරීම වෙනුවෙන් බැතිමතුන් දේවාලයට රැස්ව සිටිය දී මෙම තෙරපීම සිදුව තිබෙනවා.

මාස හතරකට පෙර බැතිමතුන් සඳහා විවෘත කරන ලද මෙම කෝවිල තිරුමාලාවේ මහා ශ්‍රී වෙන්කටේෂ්වර ස්වාමි කෝවිලේ ආදර්ශයට ගෙන ඇති අතර, එය “කුඩා තිරුපති” ලෙසයි හඳුන්වන්නේ.

කෝවිලට පැමිණි බැතිමතුන් පිරිස පාලනය කිරීමට නොහැකිවීමෙන් දේවාල පරිශ්‍රයේ මෙම තෙරපීම ඇති වූ බවයි ප්‍රාන්ත පොලිසිය සඳහන් කළේ.

මෙම කෝවිලර එක්රැස්විය හැකි ධාරිතාව 2,000 ත් 3,000 ත් අතර පිරිසක් වන අතර අද දිනයේ දී 25,000 කට අසන්න බැතිමතුන් සංඛ්‍යාවක් එහි පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23