ශීත ඍතුවත් සමඟ ඊඩ්ල්වයිස් ගුවන් සේවය ලංකාවට ගුවන් ගමන් අරඹයි

එළඹෙමින් තිබෙන ශීත ඍතුවත් සමඟ ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කාලසටහනකට අනුව ධාවනයවන ‘ඊඩ්ල්වයිස්’ ගුවන් සේවයේ ප්‍රථම ගුවන් යානය අද (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ලුෆ්තන්සා ගුවන් සේවා සමූහයට අයත් මෙම ඊඩල්වයිස් ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.- 064 දරණ මෙම ගුවන් යානය ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ පැමිණ තිබුණා.

මෙම ප්‍රථම ගුවන් ගමන සදහා ඒ – 340 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර, එම ගුවන් යානය සම්ප්‍රදායන්ට අනුව කටුනායක ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබුවා.

ගුවන් යානයේ ව්‍යාපාරික පංතියේ ගුවන් මගීන් 27 දෙනෙකු ද පිරිමැසුම්දායක පංතියේ ගුවන් මගීන් 230 දෙනෙකු ද වශයෙන් ගුවන් මගීන් 257 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 12 දෙනෙකු ද පැමිණ සිටියා.

මෙම ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකම දින දෙකක්, එනම් අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවලකටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?