ශීත ඍතුවත් සමඟ ඊඩ්ල්වයිස් ගුවන් සේවය ලංකාවට ගුවන් ගමන් අරඹයි

එළඹෙමින් තිබෙන ශීත ඍතුවත් සමඟ ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කාලසටහනකට අනුව ධාවනයවන ‘ඊඩ්ල්වයිස්’ ගුවන් සේවයේ ප්‍රථම ගුවන් යානය අද (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ලුෆ්තන්සා ගුවන් සේවා සමූහයට අයත් මෙම ඊඩල්වයිස් ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.- 064 දරණ මෙම ගුවන් යානය ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ පැමිණ තිබුණා.

මෙම ප්‍රථම ගුවන් ගමන සදහා ඒ – 340 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර, එම ගුවන් යානය සම්ප්‍රදායන්ට අනුව කටුනායක ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබුවා.

ගුවන් යානයේ ව්‍යාපාරික පංතියේ ගුවන් මගීන් 27 දෙනෙකු ද පිරිමැසුම්දායක පංතියේ ගුවන් මගීන් 230 දෙනෙකු ද වශයෙන් ගුවන් මගීන් 257 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 12 දෙනෙකු ද පැමිණ සිටියා.

මෙම ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකම දින දෙකක්, එනම් අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවලකටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56