කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ ඔහු විසින් කරන ලද ඉල්ලීමට අනුව පොලිස්පතිතුමා විසින් ලබා දුන් ආරක්ෂාව පිළිබදව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ට ඇති වී තිබෙන තර්ජන සඳහා මුල් වී ඇති කාරණා පිළිබදව පොලිස්පතිතුමා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව නව ජනතා පෙරමුණ විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ සඳහා සම්බන්ධ පුද්ගලයින් සමග සහ සම්බන්ධතා පැවැතීම නිසා මෙවැනි තර්ජන ගොඩනැගී ඇති බවට පොලිස්පතිතුමා විසින් ප්‍රකාශකර ඇති බවත් කිසිදු විමර්ශනයකින් තොරව සාක්ෂි රහිතව මහජන සේවයේ නිරත වන මන්ත්‍රීවරයෙක් පිළිබදව අපහාසාත්මකව කරුණු ප්‍රකාශ කිරීම තුලින් ඔහුගේ කීර්තිනාමයට දැඩි ලෙස හානි සිදු වී ඇති අතර එම ප්‍රකාශය නව ජනතා පෙරමුණ විසින් දැඩි ලෙස හෙළා දකින බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.
එමෙන්ම දෙපාර්තමේන්තු නියෝගවල විනය සංග්‍රහය අනුව බී පරිශ්‍රෙය් අංක 01 යටතේ ” අපකීර්තිදායක හැසීරිම” මෙන්ම අංක 05 යටතේ ” බොරු කීම හෝ ඇත්ත සඟවා කථා කිරීම ” යන කරුණු දෙකම පොලිස්පතිතුමන් විසින් කඩ කර ඇති බව ඔහුගේ ප්‍රකාශය තුලින් ජනිත වීම නිසා ඒ පිළිබදව නිතීමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔහු එම පොලිස්පති තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් ආණ්ඩුවට බල කරන බවට එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ පැවසෙනවා..




