පොලිස්පතිව ගෙදර යවන්න – නව ජනතා පෙරමුණ ආණ්ඩුවට බල කරයි

කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට එල්ල වී ඇති මරණීය තර්ජනය හමුවේ ඔහු විසින් කරන ලද ඉල්ලීමට අනුව පොලිස්පතිතුමා විසින් ලබා දුන් ආරක්ෂාව පිළිබදව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ට ඇති වී තිබෙන තර්ජන සඳහා මුල් වී ඇති කාරණා පිළිබදව පොලිස්පතිතුමා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව නව ජනතා පෙරමුණ විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ සඳහා සම්බන්ධ පුද්ගලයින් සමග සහ සම්බන්ධතා පැවැතීම නිසා මෙවැනි තර්ජන ගොඩනැගී ඇති බවට පොලිස්පතිතුමා විසින් ප්‍රකාශකර ඇති බවත් කිසිදු විමර්ශනයකින් තොරව සාක්ෂි රහිතව මහජන සේවයේ නිරත වන මන්ත්‍රීවරයෙක් පිළිබදව අපහාසාත්මකව කරුණු ප්‍රකාශ කිරීම තුලින් ඔහුගේ කීර්තිනාමයට දැඩි ලෙස හානි සිදු වී ඇති අතර එම ප්‍රකාශය නව ජනතා පෙරමුණ විසින් දැඩි ලෙස හෙළා දකින බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

එමෙන්ම දෙපාර්තමේන්තු නියෝගවල විනය සංග්‍රහය අනුව බී පරිශ්‍රෙය් අංක 01 යටතේ ” අපකීර්තිදායක හැසීරිම” මෙන්ම අංක 05 යටතේ ” බොරු කීම හෝ ඇත්ත සඟවා කථා කිරීම ” යන කරුණු දෙකම පොලිස්පතිතුමන් විසින් කඩ කර ඇති බව ඔහුගේ ප්‍රකාශය තුලින් ජනිත වීම නිසා ඒ පිළිබදව නිතීමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔහු එම පොලිස්පති තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් ආණ්ඩුවට බල කරන බවට එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ පැවසෙනවා..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15