ඝාතන තුනක වෙඩික්කරුවෙක් ලෙස පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙක් ඇතුළු තිදෙනක් ඊයේ (27) පස්වරුවේ අනුරාධපුරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 106ක් ද සමඟින්
සැකකරුවන් වයස අවුරුදු 44, අවුරුදු 40 සහ අවුරුදු 30 යන වයස් සීමාවන්හි පසුවබ බවට පොලිසිය සඳහන් කළා.
අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ හෙරොයින් ජාවාරම් නිරතව සිටින, වෙඩික්කරු බවට සැකකෙරෙන මෙම පුද්ගලයා ඩුබායිහි සැඟව සිටින සංවිධාන අපරාධකරුවෙකුක් යටතේ හෙරොයින් ජාවාරම කරහෙන යන බවටද අනාවරණය වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1
1





