ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ උඩ මළුවේ සේල චෛත්‍යය ඉදිරිපිට පිහිටි අම්බස්තල බෝධීන් වහන්සේ කඩා වැටී සිදු වූ අනතුරකින් එහි වන්දනාවේ පැමිණි බැතිමතෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
අද (27) දහවල් සිදු වූ මෙම අනතුරින් කුඩා දැරියක් තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.
පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් බෝධීන් වහන්සේ මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වාරියපොළ ප්‍රදේශයේ සිට වන්දනාවේ පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙක්.
අධික සුළං තත්ත්වය හේතුවෙන් බෝධීන් වහන්සේ මුල ප්‍රදේශයෙන් ඉදිරී ගොස් බෝධිය හරි මැදින් කොටස් දෙකකට වෙන් වී දිසාවන් දෙකක විශාල ප්‍රදේශයක් පුරා පතිත වී ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
කඩා වැටුණු බෝධියේ අත්තකට යට වී සිටි එම පුද්ගලයා විශාල පරිශ්‍රමයක් දරා බේරාගෙන මිහින්තලය රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර, රෝහල් ගතකරන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.
බෝධිය කඩා වැටෙන අවස්ථාවේ දී ඒ අසල සිටි වයස අවුරුදු නවයක දැරියක් හානියක් නොවී බේරාගැනීමට මිහින්තලා රජමහා විහාරස්ථානයේ රජකාරියේ නිරතව සිටි නිලධාරියෙකු කටයුතු කර තිබෙනවා.





