මිහින්තලා පුදබිමේ අම්බස්තල බෝධීන් වහන්සේ කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ උඩ මළුවේ සේල චෛත්‍යය ඉදිරිපිට පිහිටි අම්බස්තල බෝධීන් වහන්සේ කඩා වැටී සිදු වූ අනතුරකින් එහි වන්දනාවේ පැමිණි බැතිමතෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

අද (27) දහවල් සිදු වූ මෙම අනතුරින් කුඩා දැරියක් තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.

පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් බෝධීන් වහන්සේ මෙලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වාරියපොළ ප්‍රදේශයේ සිට වන්දනාවේ පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙක්.

අධික සුළං තත්ත්වය හේතුවෙන් බෝධීන් වහන්සේ මුල ප්‍රදේශයෙන් ඉදිරී ගොස් බෝධිය හරි මැදින් කොටස් දෙකකට වෙන් වී දිසාවන් දෙකක විශාල ප්‍රදේශයක් පුරා පතිත වී ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

කඩා වැටුණු බෝධියේ අත්තකට යට වී සිටි එම පුද්ගලයා විශාල පරිශ්‍රමයක් දරා බේරාගෙන මිහින්තලය රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර, රෝහල් ගතකරන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

බෝධිය කඩා වැටෙන අවස්ථාවේ දී ඒ අසල සිටි වයස අවුරුදු නවයක දැරියක් හානියක් නොවී බේරාගැනීමට මිහින්තලා රජමහා විහාරස්ථානයේ රජකාරියේ නිරතව සිටි නිලධාරියෙකු කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17