ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර ඒකකයට

ඕස්ට්‍රේලියාවට එරෙහි තුන්වන එක්දින තරඟය අතරතුර ඇති වූ ආබාධයක් හේතුවෙන් රෝහල් ගත කළ ඉන්දීය ක්‍රීඩක ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

අයියර්ගේ ඉළ ඇටයේ ඇති වූ ආබාධයක් නිසා සිදු වූ අභ්‍යන්තර රුධිර වහනයකක් හේතුවෙන් ඔහුව මෙලෙස සිඩ්නිහි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

සිඩ්නි හි පැවති ඉන්දියාවේ තුන්වන එක්දින තරගයේදී ඇලෙක්ස් කේරිව දවා ගැනීමට උඩ පන්දුවක් ලබාගැනීමට යෑමේ දී ශ්‍රෙයාස් අයියර් ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වීමට සිදුවුණා.

ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් කියා අයියර් සුවය ලබමින් සිටින බවයි.

එමෙන්ම ඉන්දීය ක්‍රිකට් කවුන්සිලයේ වෛද්‍ය කණ්ඩායම සිඩ්නි සහ ඉන්දියාවේ විශේෂඥයින් සමඟ සාකච්ඡා කර ඔහුගේ තත්ත්වය ඉතා සමීපව නිරීක්ෂණය කරන බවත් නිවේදනයේ සඳහන්.

ඔහුගේ එදිනෙදා ප්‍රගතිය තක්සේරු කිරීම සඳහා ඉන්දීය කණ්ඩායමේ වෛද්‍යවරයා ශ්‍රෙයාස් සමඟ සිඩ්නි හි රැඳී සිටිනු ඇති බවත් ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
7
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33